Monday, September 22, 2008

හීනය බිඳී ගිය හැටි

පාළු සීතල හැන්දෑවක
වැහිමල් කිනිති වැටෙනා වෙලේ
ඉමක් නොදකින මාවත පුරාවට
අප ඇවිද ගිය හැටි
තාම මට මතකයි

ජීවිතය හැඳින ගත්
ඔබේ නිල්මිණි දෙනෙත් අභියස
මගේ හීනය බිඳී ගිය හැටි
තාම මට මතකයි

පාළු සිහිනේ අඳුරු ගැබ තුල
වැතිර නිදනා හීන කුමරිය
මගෙ කවිය මගෙන් ගෙන
ගයන හැටි හීනයක් වගේමයි.

විරහ මතකය



දුරුතු සීතල මලවි වර ලැබ
පෙරලෙසම පෙම්වතුන් සනහයි..

කඳුලු හංගන සුසුදු මල් පෙති
පෙම්වතුන් කවියන් කරයි...



අප ඇවිද ගිය රීඩ් මාවත
තුරුලතා යලි යලි පිබිදෙයි..

මගෙ ලඟින් හිද දඟ කරපු ඒ
සොඳුරු කිවිඳිය අද ඔහු ලඟයි..

හද පුරා නැගි සොඳුරු සනහස
මගේ තාමත් පෙර වගේමයි.


මගේ පුංචි කවිය..

පුංචි තරු දෙකක් වගේ
දිලිහුනු නුඹේ ඇස් දෙක ගාව...
ජීවිතයේ අහිමි අරුත
සොයා ගිය එක වරදක්ද...?

කඳුලු අතරින් හිනාවෙනකොට
නුඹේ සුන්දර මුහුන නොබලා
හන්තාන කදු දිහා මම
බලන් හිටියාට තරහද?

කවුරුත්ම ලඟ නැති වෙලාවට
නුඹේ අහිංසක වත මඬළ
හොරෙන් සිපගත් හැටි
අද නුඹට අමතකද..?


සිහින නිම්නයේ නොදුටු හීනයේ අරුත සොයන්නට එන්න...