Monday, September 22, 2008

විරහ මතකය



දුරුතු සීතල මලවි වර ලැබ
පෙරලෙසම පෙම්වතුන් සනහයි..

කඳුලු හංගන සුසුදු මල් පෙති
පෙම්වතුන් කවියන් කරයි...



අප ඇවිද ගිය රීඩ් මාවත
තුරුලතා යලි යලි පිබිදෙයි..

මගෙ ලඟින් හිද දඟ කරපු ඒ
සොඳුරු කිවිඳිය අද ඔහු ලඟයි..

හද පුරා නැගි සොඳුරු සනහස
මගේ තාමත් පෙර වගේමයි.


No comments: